මොකක්ද මේ 2020 Bitcoin Halving (බිට්කොයින් හාවිං) කියන්නෙ?

Bitcoin කියන්නෙ මොකක්ද කියල ඔබ දැනටම ත් දන්නවා ඇති. අවුරුදු දෙක තුනකට කලින් ටිකක් ප්‍රසිද්ධව තිබුනත් එන්න එන්නම Bitcoin ගැන තිබුන උනන්දුව අඩු වුනා. 2020 අප්‍රේල්, මැයි වෙනකොට ආපහු පොඩ්ඩක් උනන්දුව වැඩි බවක් පේන්න තියෙනවා.

Bitcoin Halving එක සිදුවුනේ 2020 මැයි 12 වෙනිදා හරියටම මෙන්න මේ Block එක Mine උන වෙලාවේ. නමුත් මොකක්ද මේ හාවිං (Halving) කියන්නේ? කොහොමද මේක වෙන්නේ? Bitcoin වල වටිනාකමට මොකද වෙන්නෙ? ඒ පිළිබඳ විස්තර පහළින් දැනගන්න පුලුවන්.

මොකක්ද මේ බිට්කොයින් හාවිං කියන්නේ?

මේක ප්‍රධාන වශයෙන් වැදගත් වෙන්නේ Bitcoin Minersලාට. සාමාන්‍යයෙන් Bitcoin Minersලාට එයාල කරන වැඩේට Bitcoin Network එක මගින් Reward එකක් දෙනවා. ඒක තමයි Block Reward කියලා හැඳින්වෙන්නේ.

Halving වචනේ හැදෙන්නේ Reduction by Half තේරුමෙන්, ඒ කියන්නෙ භාගයක් කරනවා කියන එක.

ඒ කියන්නේ Bitcoin Minersලා ගේ Block reward එක දැනට තියෙන Bitcoin 12.5 කියන ගානෙන් භාගයක් වෙනවා (6.25BTC). සාමාන්‍යයෙන් මේක වසර 4 කට පාරක් සිදුවන දෙයක්. Bitcoin සොයාගත්තේ 2008 දී නිසා මේක මීට කලින් දෙපාරක් වෙලා තියෙනවා. තුන් වෙනි වතාවට තමයි 2020 දී වුනේ.

හාවිං (Halving) එක නිසා Bitcoin Network එකට අලුතෙන් එන Bitcoin ප්‍රමාණය අඩු වෙනවා. ඒ කියන්නේ සැපයුම අඩු වෙනවා. නමුත් ඉල්ලුම ඒ ආකාරයෙන්ම තියෙනවා. අන්න ඒ නිසා තමයි බොහෝ දෙනා කියන්නේ Bitcoin වල අගය වැඩි වෙන බව.

Bitcoin Mine කරන්න Minersලා බොහෝ වටිනා උපාංග හා විදුලිය භාවිතා කරන නිසා තමයි Minersලට Block Reward එකක් ලැබෙන්නේ. මෙම Block Reward ඒකේ අගය සෑම Blocks 210,000කට ම වතාවක් තමයි අඩු වෙන්නේ. ඒ Blocks 210,000 සෑදෙන්න යන කාලය තමයි ආසන්න වශයෙන් අවුරුදු හතරක් කියන්නේ.

Bitcoin's Third Halving Is Complete: Reward Cut Surprisingly Faster Than Previous Time Estimates
Block Reward අඩුවීම

2009 දී Block Reward එක 50BTC කින් ආරම්භ වුනු අතර මේ වන විට හාවිං (Halving) දෙකකට පසු 12.5BTC දක්වා අඩු වෙලා තියෙනවා.

මේ විදිහට Bitcoin Generation එක; එහෙමත් නැත්තන් අලුතින් Coins සෑදීම සිදුවෙන්නේ Bitcoin මිලියන 21 වෙනකන් විතරයි. බොහෝවිට 2140 දී පමණ මේ සිද්ධිය වෙන්න පුලුවන් බව තමයි පෙන්න තියෙන්නේ.

කවුද මේ වෙලාව හැදුවේ? ඇයි එහෙම හැදුවේ?

Bitcoin නිර්මාතෘ විදිහට හැදින්වෙන්නේ Satoshi Nakamoto. මේ කෙනා කවුද කියලා තාම අපි කවුරුත් දන්නේ නෑ, Satoshi Nakamoto කියන්නෙ පුද්ගලයෙක් ද, කණ්ඩායමක් ද කියලවත් කිසිම පුද්ගලයක් දන්නේ නෑ. Satoshi Nakamoto කියල නමක් තිබුනට ඒකේ තේරුම ජපන් භාෂාවෙන් නාඳුනන තැනැත්තෙක් නැතහොත් සොයාගත නොහැකි කෙනෙක් යන බවයි.

Bitcoin White Paper එක නිකුත් කලාට පස්සේ Satoshi විසින් සාරාංශගත කරමින් කියලා තියෙනවා කොහොමද මේ අවධමන අවදානම හෝ උද්ධමනය අඩු කරන්නෙ කියලා.

නමුත් 2009 වසරේ දී මෙම නව අන්තර්ජාල මුදල් කීදෙනෙකු භාවිතා කරනු ඇත්දැයි Satoshi දැන සිටියේ නෑ.

“Coins have to get initially distributed somehow, and a constant rate seems like the best formula.”

මුලින් ම Coins සමානව බෙදා දිය යුතු අතර නියත අනුපාතයක් පවත්වා ගැනීම හොඳම සූත්‍රය බව Satoshi පවසනවා.

සාමාන්‍ය රටවල පවතින මුදල් සහ එම මුදල් වල සංසරණය පාලනය කරනු ලබන්නේ මහ බැංකුව වැනි මූල්‍යමය ආයතනයක් මගින්.

උදාහරණයක් ලෙස, ආර්ථිකය අවුල් සහගත නම්, බැංකුවලින් සුරැකුම්පත් මිලදී ගැනීමෙන් මහ බැංකුවට සංසරණය වැඩි කිරීමට සහ ණය දීම දිරිමත් කරන්න පුලුවන්. නැතිනම්, මහ බැංකුවට ආර්ථිකයෙන් මුදල් ඉවත් කිරීමට අවශ්‍ය නම්, සිය ගිණුමෙන් සුරැකුම්පත් විකිණීමට හැකිය.

කෙසේ හෝ Bitcoin ක්‍රියාකාරීත්වය මීට ටිකක් වෙනස්.

  • ගලේ කෙටුවා වගේ වෙනස් කරන්න බැරි විදිහට තමයි ලියලා තියෙන්නෙ. ඒ කියන්නේ, Bitcoin මූල්‍ය ප්‍රතිපත්තිය Network එක පුරා බෙදාගත් Code එකක ලියා තිබෙන එකක්; එය වෙනස් කිරීම සඳහා Bitcoin භාවිතා කරන්නන්ගේ Community එක අතර විශාල සම්බන්ධීකරණයක් හා එකඟතාවයක් අවශ්‍ය වන ලෙස.

Bitcoin වල තවත් සුවිශේෂී අංගයක් වන්නේ Satoshi විසින් කාලයාගේ ඇවෑමෙන් අඩු වන පරිදි Block Reward එක Code කිරීමයි. මහ බැංකු මුදල් සැපයුම පාලනය කරන නූතන මූල්‍ය පද්ධතිවල සම්මතයට වඩා Bitcoin වෙනස් වන තවත් ක්‍රමයක් මෙයයි. මේ වනවිට ඩොලරයේ සැපයුම 2000 වසරේ සිට දළ වශයෙන් තුන් ගුණයකින් වැඩි වී තිබේ.

2009 ජනවාරි 3 වන දින The Times පුවත්පතේ මුල් පිටුව
2009 ජනවාරි 3 වන දින The Times පුවත්පත

2009 ජනවාරි 3 වන දින The Times පුවත්පතේ පළවුණු ප්‍රථම Bitcoin ලිපියට අනුව දේශපාලන හේතූන් මත ඔවුන් Bitcoin නිර්මාණය කළ බවට ඉඟි පළ කර තිබේ.

කෙසේ වෙතත් බොහෝ දෙනාගේ විශ්වාසය වන්නේ Bitcoin බහුලව සම්මත වුවහොත් බැංකුවල හෝ මූල්‍ය ප්‍රතිපත්ති පාලනය කරන ආයතනවල බලය අඩු කිරීමට Bitcoin වලට හැකිවන බවයි. මොකද Satoshiගේ Code එකට පිටින් කිසිවෙකුට Bitcoin නිෂ්පාදනය කල නොහැකි නිසා.

හා(ල්)විං එක Bitcoin මිලට බලපාන්නේ කෙසේද?

Bitcoin හාවිං වැඩි අවධානයක් දිනාගන්නේ එය Bitcoin මිල වැඩි වීමට හේතු වනු ඇතැයි බොහෝ දෙනා විශ්වාස කරන බැවිනි. නමුත් මෙහිදී සිදුවන්නේ කුමක් ද යන්න කිසිවෙකු දන්නේ නැත.

මේ වන විට හාවිං (Halving) දෙකක් දැක තිබීම අපට පූර්වාදර්ශයක් ලෙස සැලකිය හැකිය.

2012 හාවිං (Halving) එකේදී Block Reward එක පහළ යන්නේ කෙසේද යන්න බොහෝ දෙනා දැන සිටියේ නැත. එනිසා එක්වරම අගය පහළ වැටුනද ටික ටික ඉහළ යන්නට විය.

දෙවන හාවිං (Halving) එකේ දී එනම් 2016 දී බොහෝ දෙනා මේ සඳහා දින ගැන ගැන සිටි අතර හාවිං (Halving) එකට පසුව Bitcoin මිල 10% කින් අඩු විය.නමුත් ආපසු මිල ඉහළ නැංවුනේ ඉතා වේගයෙනි. ඉන් පසුව ඉතා කුඩා ලෙස Mining Rate එක අඩු වුනත් ටික කලකින් යථා තත්ත්වයට පත්වුනි.

සමහරු පවසන්නේ දෙවන හාවිං එකෙන් වසරකට පසු, එනම් 2017 දී මිල වැඩිවීමත් මෙම හාවිං (Halving) එකේ පසු ප්‍රතිඵලයක් බවයි. එය සත්‍ය නම් මෙවරත් එසේ වීමට හැකියාවක් තිබේ.

Bitcoin Halving පිළිබඳ හා එහි ප්‍රතිඵල කල්තියා දැන ගැනීම නිසා, බොහෝ දෙනා ලාභ අපේක්ෂාවෙන් Bitcoin මිලදී ගනු ඇති බැවින්, හාවිං එකට පෙර Bitcoin මිල ඉහළ යාමක් සිදුවේ. ඒ අනුව, හාවිං (Halving) නිසා මිල ඉහළ යාමක් සිදු වන බවට, තර්ක විතර්ක වලදී යම් පුද්ගලයන් අදහස් කරන්නේ ද මෙය වේ.

මෙවර හාවිං(Halving) එක සිදුවී අවසානයි. අපි බලමු ඉදිරියට තත්ත්වය කෙසේ වේවි ද කියා.

629,999 වන Block එකේ සහ 630,000 වන Block එකේ Block Rewards වෙනස ඔබට පහතින් බලාගත හැකි වේ.

Blocks
629,999වන Block එක සහ 630,000 වන Block එක

මේ පිළිබඳ තවත් කරුණු CoinDesk වෙබ් අඩවියෙන්, CoinTelgraph වෙබ් අඩවියෙන් ද ලබාගත හැක.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Proudly powered by WordPress | Theme: Baskerville 2 by Anders Noren.

Up ↑